26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ සෞඛ්‍ය ඇමති වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ සෞඛ්‍ය ඇමති වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය නබා කිෂෝර් දාස් වෙඩි තබා ඝාතනය කර තිබේ.

පොලිස් උප පොලිස් පරීක්ෂකවරයෙකු විසින් ඔහුගේ පපුවට දෙවරක් වෙඩි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහු අසළ පිහිටි රෝහලකට රැගෙන ගොස් ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවනේෂ්වර්හි රෝහලකට ගුවන් මගින් රැගෙන ගිය බව වාර්තා වේ.

සිද්ධියෙන් තුවාල ලැබූ අමාත්‍යවරයා වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම වෙඩි තැබීම සිදු කළ පොලිස් පරීක්ෂකවරයා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර වෙඩි තැබීමට හේතුව පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

ඔඩිෂා ප්‍රධාන අමාත්‍යවරයා මෙම සිද්ධිය හෙළා දකින අතර වහාම පරීක්ෂණ ආරම්භ කරන ලෙස පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.