― political ―

2019 වගේ ආයෙත් පුහු වීරයෙක්ට රැවටෙන්න එපා

මීට වසර 5කට පෙර ජනතාව රැවටී බංකොලොත් වූ බවත් මෙවර අප තීරණ ගත යුත්තේ පවතින බංකොලොත් භාවයෙන් ගොඩ එනවාද නැතිනම් පවතින බංකොලොත්භාවයෙන් තවත් බංකොලොත්භාවයට...
HomeNewsරටට අවශ්‍ය ටින්මාළු මෙරටදීම නිෂ්පාදනය කරනවා

රටට අවශ්‍ය ටින්මාළු මෙරටදීම නිෂ්පාදනය කරනවා

ශ්‍රී ලංකාව ප්‍රථම වරට ටින් මාළුවලින් ස්වයංපෝෂිත වී ඇති බවත් ඒ අනුව රටට අවශ්‍ය ටින්මාළු මෙරට නිෂ්පාදනය කරන බවත් ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ටෙස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ශිරාන් ප්‍රනාන්දු පැවසීය.

ශ්‍රී ලංකාවට දිනකට අවශ්‍ය මාළු ටින් ප්‍රමාණය ලක්ෂ දෙක හමාරක් පමණ නමුත් මේ වන විට දිිනකට දේශීය කර්මාන්තශාලාවලින් මාළු ටින් ලක්ෂ තුන ඉක්මවා නිෂ්පාදනය කරන බවයි හෙතෙම සඳහන් කළේ.

ටින්මාළු නිෂ්පාදනයෙන් ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත වීම හේතුවෙන් මේ වනවිට ටින්මාළු ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැති බවයි ඔහු පවසන්නේ.