― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය නැවැත්වීමට අමතක වූ රියදුරු ගැන පරීක්ෂණ අරඹයි

දුම්රිය නැවැත්වීමට අමතක වූ රියදුරු ගැන පරීක්ෂණ අරඹයි

කොළඹ කොටුවේ සිට කොස්ගම දක්වා ධාවනය වූ දුම්රියෙහි රියදුරුට කිරුළපන දුම්රිය ස්ථානයේ දුම්රිය නතර කිරීමට අමතක වීමේ සිද්ධියක සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

ඊයේ පස්වරු 4ට කොළඹ කොටුවේ සිට කොස්ගම දක්වා ධාවනය වූ මෙම දුම්රිය කිරුළපන දුම්රිය ස්ථානයෙන් නොනැවතීම හේතුවෙන් කිරුළපන දුම්රිය ස්ථානයෙන් බැසීමට නියමිතව සිටි මගීන්ට නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් බැසීමට සිදු වී තිබේ.

මේ හේතුවෙන් ඇතැම් මගීන් එම අවස්ථාවේදී නොසන්සුන්කාරී ලෙස හැසිරුණු බවයි අප වාර්තාකරු පැවසුවේ.