― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅක්කර 14ක ගංජා වගාවක් වටලයි

අක්කර 14ක ගංජා වගාවක් වටලයි

ශාස්ත්‍රවෙල කඳවුරේ විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පානම පොලිස් වසමේ බක්මීවැව රක්ෂිත ප්‍රදේශයේ ස්ථාන හතරක අක්කර 14 ක ගංජා වගාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී අඩි 07 ත් 10 ත් අතර උස ගංජා ගස් 140,000 ක් පමණ හා සැකකරුවෙකු නොමැති මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක්ද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පානම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

සාම්පල් ලෙස ගංජා ගස් 20 ක් ගෙන ඉතිරිය ගිනි තබා විනාශ කර ඇති අතර විශේෂ කාර්ය බලකාය ආරුගම්බේ කඳවුර හා පානම පොලිස් ස්ථානයේ නිලධාරීන් හා ඒකාබද්ධව මෙම වැටලීම සිදු කර තිබෙනවා.