30.6 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝටිපති ව්‍යාපාරිකයාගේ මළ සිරුර නාන තටාකයේ

කෝටිපති ව්‍යාපාරිකයාගේ මළ සිරුර නාන තටාකයේ

දින කිහිපයක සිට අභිරහස් ලෙස අතුරුදන්ව සිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ මළ සිරුර ඔහුට අයත් සුඛෝපභෝගී තෙමහල් නිවසේ නාන තටාකයේ තිබී හමුවී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ පැලවත්ත ප්‍රදේශයේ සුඛෝපභෝගී තෙමහල් නිවස පිහිටි භූමියේ නාන තටාකයේ තිබී මෙම සිරුර හමුවී ඇති බවයි. මළ සිරුර සොයාගන්නා විට නිරුවත්ව තිබූ බවද පොලිසිය සඳහන් කළා.

මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි පුද්ගලයෙක්. පසුගිය ජනවාරි මස 30 වන දින නිවසින් පිටත්ව ගිය තම සහෝදරයා මෙතෙක් නිවසට නොපැමිණි බව පවසමින් මියගිය පුද්ගලයාගේ සහෝදරිය ඊයේ (01) වැල්ලම්පිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.

මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වෙන අතර ස්ථානීය අපරාධ පරීක්ෂණ නිලධාරීන්ද පැමිණ පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.