26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldටික් ටොක් ඉවත් කරන ලෙස ඉල්ලීමක්

ටික් ටොක් ඉවත් කරන ලෙස ඉල්ලීමක්

ඇපල් සහ ගූගල් සමාගම් මගින් පාලනය කරන “Play Store”වලින් ටික් ටොක් ඉවත් කරන ලෙසට අමෙරිකානු සෙනෙට් සභිකයෙක් ඉල්ලීමක් කර තිබෙනවා.

ටික් ටොක් මගින් අමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් මතුවන බවයි අමෙරිකානු බුද්ධි කමිටුවක සාමාජිකයෙක් වන මයිකල් බෙනට් පවසා ඇත්තේ.

චීනයේ ByteDance සමාගම ටික්ටොක් හි හිමිකාරීත්ව දරන අතර ටික් ටොක් මෙවලම එරට මධ්‍යම රජය සතු පද්ධතිවලින් ඉවත්කරන ලෙසට ඉල්ලීම් ලැබී තිබෙනවා. අමෙරිකානුවන්ගේ දත්ත ලබාගැනීම සඳහා චීන රජයේ ආයතන මගින් ටික් ටොක් සතු දත්ත පද්ධතිය භාවිත කිරීමට ඉඩ ඇති බවයි එම ඉල්ලීම්වල සඳහන් වන්නේ.