25.6 C
Colombo
Saturday, June 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමම සමාව ඉල්ලුවේ කතෝලික පල්ලියෙන් නෙවෙයි දෙවියන්ගෙන්

මම සමාව ඉල්ලුවේ කතෝලික පල්ලියෙන් නෙවෙයි දෙවියන්ගෙන්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා සමාව අයැද සිටියේ කතෝලික පල්ලියෙන් නොව කතෝලික ජනතාවගෙන් සහ දෙවියන්වහන්සේගෙන් බවයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

තමාට කැමති ඕනෑම අවස්ථාවක කටුවාපිටිය දේවස්ථානයට යා හැකි බවත් පාස්කු නඩු තීන්දුවේ තිබෙන කරුණුවලින් තමන්ට අවශ්‍ය කරුණු පමණක් සමාජයට දෙන බවත් හෙතෙම එහිදී සඳහන් කළේය.

එහිදී හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඔහුගේ පාලන කාලය තුළ මෙවැනි සිදුවීමක් සිදුවීම නිසා අනුන් කළ වරදකට තමන්ට වන්දි ගෙවීමට සිදු වූ බවත් ඒ වෙනුවෙන් කතෝලික ජනතාවගෙන් සහ දෙවියන්වහන්සේගෙන් තමා සමාව ඉල්ලා සිටි බවත්ය.