ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ පද්ධතිය වැඩිදියුණු කිරීමේ වැඩසටහන සඳහා යුරෝපා සංගමයෙන් යූරෝ මිලියන 18ක් ලබාදීමට අවධානය යොමු වී තිබේ.
ඒ සඳහා ශ්‍රී ලංකාව සහ මාලදිවයින් කලාපය සම්බන්ධ යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සමඟ ඊයේ පුළුල් සාකච්ඡාවක් පැවැත්වුණු බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.
එම සාකච්ඡාවේදී සමෘද්ධි ඇතුළු සුබසාධක දීමනා ගෙවීම සම්බන්ධයෙන් විනිවිදභාවයක් පවත්වා ගනිමින්, එවැනි සුබසාධන දීමනා ලැබිය යුතුම පිරිස තෝරා ගැනීමේ කටයුතු තවදුරටත් කාර්යක්ෂම කරගැනීමේ අවශ්‍යතාවය පිළිබඳවද සාකච්ඡා වී තිබේ.
යුරෝපා සංගම් සහයෝගිතා ප්‍රධානී ජෙනී කොරියා නූන්ස්ඒ එහිදී සඳහන් කර ඇත්තේ ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමටත්, ඒ අනුව සමාජ ආරක්ෂණ පද්ධතියේ කාලීන අවශ්‍යතා හඳුනාගනිමින් සහන ලැබිය යුතුම පාර්ශ්වයන් සඳහා සහයෝගය ලබා දීමටත් යුරෝපා සංගමය කටයුතු කරනු ලබන බවත්ය.


