― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසේවා නූලක් හා වෙඩිබෙහෙත් රැගෙන උඩ මළුවට පැමිණි අයෙක් අත්අඩංගුවට

සේවා නූලක් හා වෙඩිබෙහෙත් රැගෙන උඩ මළුවට පැමිණි අයෙක් අත්අඩංගුවට

වෙඩි බෙහෙත් සහ අඩි එකහමාරක් පමණ දිගැති සේවා නූලක් රැගෙන ශ්‍රී මහ බෝධියේ උඩමළුවට ඇතුළු වීමට පැමිණි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පිටිගල තල්ගස්වල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

සැකකරු උතුරු දොරටුවෙන් ශ්‍රී මහා බෝධියට ඇතුළු වීමට පැමිණි අවස්ථාවේදී එහි සිටි පොලිස් නිලධාරින් විසින් ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කිරිමේදී එහි ෂොපින් බෑගයක දමා ගෙන තිබු මෙම පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබුණා.

අද උදෑසන බුද්ධ පූජාව පැවැත්වෙන අවස්ථාවේදී මෙම පුද්ගලයා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සෙ පරිශ්‍රයට ඇතුළුවීමට යාමේදී එම ආරක්ෂක දොරටුවෙහි රාජකාරි කළ පොලිස් නිලධාරියා විසින් සිදුකළ විශේෂ පරීක්ෂාවකදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකරු අනුරාධපුර කලා වැව ප්‍රදේශයේ නිධානයක් හැරීම සඳහා මෙම වෙඩි බෙහෙත් සහ සේවා නූල් රැගෙන පැමිණි බවත් පසුව එම නිධානය පිහිටි ස්ථානය වතුරට යට වී තිබීම හේතුවෙන් අද දිනයේ එම කටයුතු සිදුනොවන බැවින් තමන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණි බවටයි ප්‍රශ්න කිරීම්වලදී හෙළිකර ඇත්තේ.

සැකකරු සහ පුපුරණ ද්‍රව්‍ය අනුරාධපුර මුලස්ථාන පොලිසියට භාර දුන් බවයි උඩමළුව පොලිසිය කියාසිටියේ. අනුරාධපුර මූලස්ථාන පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.