26.7 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදරු දෙදෙනාගේ හා පියාගේ මළ සිරුරු අම්බලමකින් හමුවෙයි

දරු දෙදෙනාගේ හා පියාගේ මළ සිරුරු අම්බලමකින් හමුවෙයි

අරනායක පොල්අඹේගොඩ ප්‍රදේශයේ ගොඩිගමුව අම්බලමේදී පියෙක් විසින් සිය දරු දෙදෙනා කපා කොටා ඝාතනය කර ඔහුත් දිවි නසා ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු දෙකක සහ අවුරුදු හතක දරුවන් දෙදෙනකු බවයි අනාවරණය වී ඇත්තේ.

පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙසේ මරා දමා ඇත්තේ රිද්මා කරුණාරච්චි නව හැවිරිදි සහ දෙනුවන් කරුණාරච්චි හය හැවිරිදි වියේ පසුවන්නන් බවත් ඝාතනය කළ බවට සැකකර පියා තිස්තුන් හැවිරිදි වසන්ත කරුණාරච්චි යන අයගේ සිරුර ගොඩිගමුව අම්බලමේ එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.