― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුමින්දට ජනාධිපති සමාව දීමට එරෙහි පෙත්සම විභාගය අද

දුමින්දට ජනාධිපති සමාව දීමට එරෙහි පෙත්සම විභාගය අද

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා පොදු සමාව යටතේ නිදහස් කිරීමට, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (07) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා.

ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් කැඳවීමට නියමිත බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍රගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන ජනාධිපති නීතීඥ ගසාලි හුසේන් යන අය විසින් පෙත්සම් ගොනුකර කර තිබෙනවා.