― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalසමහරු පෝලිම් නැතුව තෙල් ගහන ගමන් රනිල්ට බනිනවා

සමහරු පෝලිම් නැතුව තෙල් ගහන ගමන් රනිල්ට බනිනවා

වර්තමානයේදී ඇතැමුන් පෝලිම්වල ඉන්නේ නැතිව තෙල් ගහන ගමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෝෂාරෝපණය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ගාල්ලේ පැවති මැතිවරණ රැස්වීමක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ 2023 කියන්නේ වැටුණු රට ගොඩ ගැනීම අරඹන වර්ෂය බව ජනාධිපතිවරයා පැහැදිලිව සඳහන් කර තිබෙන බවත් එවැනි අවස්ථාවක පළාත් පාලන ආයතන සභිකයන් 8000 කට වැටුප් ගෙවන තත්වයක් විපක්ෂය අපේක්ෂා කරන්නේ නම් එයින් රට නැවතත් ආර්ථික අගාධයට ඇද වැටී සංචාරක කර්මාන්තයටද හානි සිදුවිය හැකි බවත්ය.

එක්සත් ජාතික පක්ෂය ඕනෑම මොහොතක ඡන්දයකට ලෑස්ති නමුත් මේ මොහොතේ ඡන්ද කොයිතරම් දුරකට රටට දරාගත හැකි වේදැයි කල්පනාවෙන් බැලිය යුතු බව සඳහන් කළේය.

ලංකාව පාලනය කළ යුත්තේ මෝඩයෙක් හෝ දුප්පතාගේ හිතවතෙක් බව ඇතැමුන් සිතන බව කී වජිර අබේවර්ධන මහතා රටක් පාලනය කරන්නට දැනුම පළපුරුද්ද පමණක් නොව අත්දැකීම ද තිබිය යුතු බව සඳහන් කළේය.