26.3 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldබ්‍රිතාන්‍යයේ කැමිලා රැජිනට යළිත් කොවිඩ්

බ්‍රිතාන්‍යයේ කැමිලා රැජිනට යළිත් කොවිඩ්

බ්‍රිතාන්‍යයේ කැමිලා රැජිණට, යළිත් වරක් කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව බකිංහැම් මාළිගය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව කැමිලා රැජිණ ඉදිරි සතියේ සියලුම මහජන කටයුතු අවලංගු කර ඇතැයි බකිංහැම් මාළිගය සඳහන් කර තිබේ.

තෙවැනි චාල්ස් රජු මෙන්ම කැමිලා බිසවද කොවිඩ් එන්නත් දෙක සහ බූස්ටර් එන්නත් ලබා ගෙන ඇත. කැමිලා රැජිණට පළමු වරට කොවිඞ් රෝගය වැළඳුනේ පසුගිය වසරේ පෙබරවාරි මසය.

කැමිලා රැජිණ අවසන් වරට මහජන කටයුත්තක් සඳහා සහභාගී වී ඇත්තේ පසුගිය 9 වැනිදාය.