30.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ සිකුරාදා විශේෂ IMF සාකච්ඡාවක්

මේ සිකුරාදා විශේෂ IMF සාකච්ඡාවක්

ලබන සිකුරාදා (17 වැනිදා) ශ්‍රී ලංකාව ඇතුළු ණය අපේක්ෂා කරන රටවල සහභාගීත්වයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබේ.

එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ මෙම සාකච්ඡාව සඳහා චීනය, ඉන්දියාව, සෞදි අරාබිය සහ තවත් රටවල් හතක කණ්ඩායමක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සහභාගී වීමට නියමිත බවයි.

එම කණ්ඩායමට ශ්‍රී ලංකාව, සැම්බියාව සහ ඝානාව වැනි රටවල නිලධාරීන් ද ඇතුළත් වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ඉන්දියාව විසින් මෙම රැස්වීමේ සම සභාපතිත්වය දරනු ලබයි.