29.5 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිටපු නාවික හමුදාපතිට තෙල් සංස්ථාවේ ලොකු පුටුවක්

හිටපු නාවික හමුදාපතිට තෙල් සංස්ථාවේ ලොකු පුටුවක්

හිටපු නාවික හමුදාපතිවරයෙක් වන රවීන්ද්‍ර විජේගුණවර්ධන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස පත්කර තිබේ.

ඒ මහතා අද (14) එම තනතුරේ වැඩ භාරගැනීමට නියමිතව තිබුණි.

යහපාලන ආණ්ඩු සමයේ 2016 වසරේ හම්බන්තොට වරාය සේවකයන් පැවැත්වූ විරෝධතාවකදී මාධ්‍යවේදියකු පහරදීමේ සිද්ධියක් හේතුවෙන් රවීන්ද්‍ර විජේගුණවර්ධන දැඩි කථාබහට ලක්විය.

හිටපු කළමනාකාර අධ්‍යක්‍ෂ සුසන්ත සිල්වාගේ සේවය ලිපියක් මගින් අත්හිටුවා නව පත්කිරීම කර ඇති බව එම සංස්ථාවේ වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.