28.4 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅම්පිටියේ සුමනරතන හිමිට වෙඩි තැබීමේ සිද්ධියට අයෙක් අල්ලයි

අම්පිටියේ සුමනරතන හිමිට වෙඩි තැබීමේ සිද්ධියට අයෙක් අල්ලයි

පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් වැඩවසන මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාලව සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පෙරේදා (13) වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී අම්පිටියේ සුමනරතන හිමි විහාරස්ථානයේ වැඩවිසූ අතර ඉන් ස්වාමීන් වහන්සේට අනතුරක් සිදු නොවිණි.

පෙරේදා අලුයම යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.