32.8 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමගමගදී එක්දරු පියෙක්ට දිවි අහිමි කළ තරුණයන් තිදෙනෙක් අත්අඩංගුවට

මගමගදී එක්දරු පියෙක්ට දිවි අහිමි කළ තරුණයන් තිදෙනෙක් අත්අඩංගුවට

මාර්ගයේ ගමන් කිරීමේදී ඇති වූ කතාබහක් දුරදිග යාමෙන් ඊයේ (14) රාත්‍රියේ තරුණ පිරිසක් විසින් සිදුකළ පහරදීමෙන් එක්දරු පියෙකු ඝාතනයට සම්බන්ධ තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 16 හැවිරිදි වියේ පසුවන තරුණයින් තිදෙනෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

වැලිපැන්න ප්‍රදේශයේ මාර්ගයක ගමන් කිරීමේ දී වූ කතාබහක් දුරදිග යාමෙන් ඊයේ (14) රාත්‍රියේ තරුණ පිරිසක් විසින් අදාළ පුද්ගලයාට හෙල්මට්වලින් පහර දී තිබුණා. එම පහරකෑමෙන් බරපතළ තුවාල ලබාසිටි පුද්ගලයා අලුත්ගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වැලිපැන්න, ගල්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රංග විරාජ් නැමැති 34 හැවිරිදි වියේ පසු වූ අයෙක්. අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ යතුරුපැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත තිබෙනවා.