25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportපවෙල් හා හෝප්ට කොදෙව් කණ්ඩායමේ නායකත්වයේ වගකීම පැවරේ

පවෙල් හා හෝප්ට කොදෙව් කණ්ඩායමේ නායකත්වයේ වගකීම පැවරේ

බටහිර ඉන්දීය කොදෙව් එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් හි නව නායකයින් ලෙසින් කේ හෝප් හා රොව්මන් පවෙල් පත්කොට ඇත.

ඒ මෙම අංශ ද්විත්වයේම නායකයා ලෙසින් කටයුතු කළ නිකලස් පුරාන් පසුගිය නොවැම්බර් මාසයෙන් පසු සිය තනතුරින් ඉවත් වීම හේතුවෙනි.

පසුගිය නොවැම්බර් මාසයේදී පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේදී කොදෙව්වන් දැක්වූ දුර්වල දක්ෂතා හේතුවෙන් ඔවුන්ට පළමු වටයෙන්ම ඉවත්වීමට සිදුවූ අතර මේ හේතුවෙන් පුරාත් සිය ධූරයෙන්ද ඉවත්වීමට තීරණය කලේය.

නව නායකයින් වන හෝප් හා පවෙල් දෙදෙනාම පුරාන් යටතේ උපනායකයින් ලෙසින් ක්‍රියා කලේය. මොවුන් දෙදෙනාගේම පළමු අභියෝගය එළඹෙන දකුණු අප්‍රිකානු තරග සංචාරය වේ.