― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයි.සී.සී.යෙන් සිදු වූ වැරැද්දකින් ඉන්දියාව අංක එකට එයි

අයි.සී.සී.යෙන් සිදු වූ වැරැද්දකින් ඉන්දියාව අංක එකට එයි

ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් පෙරේදා (5) එළිදක්වා තිබූ කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම් අනුව ටෙස්ට්, එක්දින හා විස්සයි20 යන ආකෘති ත්‍රිත්වයේම අංක එකේ කණ්ඩායම් ලෙස ඉන්දියාව නම්කර තිබුණද එය තාක්‍ෂණික දෝෂයක් මත සිදු වූ බවක් බව අයි.සී.සී.ය සඳහන් කරයි.

ඒ අනුව එක්දින හා විස්සයි20 ආකෘති ද්විත්වයේ අංක එක ඉන්දියාවට හිමිව තිබුණද, නිවැරදි කිරීම අනුව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉන්දියාව පසුවන්නේ දෙවැනි ස්ථානයේය.

මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් සිය වෙබ්අඩවිය තුළ අයි.සී.සී.ය දන්වා තිබුණේ තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් ඉන්දියාව අංක එක ලෙස දැක්වූ බවත් ඒ පිළිබඳ තම් කණගාටුව ප්‍රකාශ කරන බවයි.