30 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකිඹුල් පැටවෙකු ඇති කළ අයෙක් අත්අඩංගුවට

කිඹුල් පැටවෙකු ඇති කළ අයෙක් අත්අඩංගුවට

ගැට කිඹුල් පැටියෙකු සන්තකයේ තබාගත් පුද්ගලයෙක් ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ මොහු කිඹුල් පැටවා විදේශිකයින්ට පෙන්වා මුදල් ලබාගෙන ඇති බවයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුත්ගම, ගම්මැද්ද ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි.

කළුවාමෝදර ගඟ ආසන්නයේ ගැට කිඹුල් පැටියෙකු විදේශිකයන්ට ප්‍රදර්ශනය කරමින් සිටින බවට ලද තොරතුරක් මත කියාත්මක වූ පොලීසිය අගල් 17.5 ක් පමණ දිගැති, අවුරුදු එක හමාරක් පමණ වයසැති ගැට කිඹුල් පැටියා භාරයට ගෙන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.