― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨාභය මියන්මාරයේ දින 10ක සංචාරයක්

ගෝඨාභය මියන්මාරයේ දින 10ක සංචාරයක්

මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දින 10ක කාලයක් මියන්මාරයේ රැඳී සිටිනු ඇති බව වාර්තා වෙයි.

පසුගියදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ, ගුවන් තොටුපලේ විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ සිල්ක් රූට් හෝ ගෝල්ඩ් රූට් පහසුකම යටතේ හෝ නැතිනම් සාමාන්‍ය ගුවන් මගී පර්යන්තය ඔස්සේ පිටව යාමට පහසුකම තිබියදීත් ඔවුන් මැලේසියාව බලා පිටත්ව ගොස් ඇත්තේ කටුනායක ගුවන් භාණ්ඩ පර්යන්තය ඔස්සේයි.

කෙසේනමුත් මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබුණේ හිටපු ජනාධිපතිවරයා චීනයේ සංචාරයක් සඳහා මැලේසියාව බලා පිටත්ව ගිය බවයි.

එනමුත් ගෝඨාභය රාජපක්ෂ ගොස් ඇත්තේ මියන්මාරයට වන අතර එහිදී ආගමික ස්ථාන වැඳ පුදාගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.