27.2 C
Colombo
Saturday, August 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපාකිස්තානයේ පොලිස් මූලස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයක්

පාකිස්තානයේ පොලිස් මූලස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයක්

පාකිස්තානයේ කරච්චි නගරයේ පිහිටි පොලිස් මූලස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඊයේ රාත්‍රී පොලිස් මූලස්ථානයේ ගොඩනැගිල්ලට කඩා වැදුනු ත්‍රස්ත සාමාජිකයින් හත් දෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. ප්‍රහාරයෙන් පසු පැය ගණනාවක් පැවති වෙඩි හුවමාරුවකින් ත්‍රස්තවාදීන් පස් දෙනෙකු මිය ගිය බව එරට ආරක්ෂක අංශ තහවුරු කළා.

ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරවලින් පොලිස් නිලධාරීන් ඇතුළු සිව් දෙනෙකුට ජීවිත අහිමි වූ අතර පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා. ප්‍රහාරය ආරම්භ වූයේ ඊයේ රාත්‍රී 7:10 ට වන අතර, ආරක්ෂක අංශ රාත්‍රී 10:46 පමණ පස්මහල් ගොඩනැගිල්ල සම්පුර්ණයෙන්ම මුදා ගැනීමට කටයුතු කර තිබුණා.