28.9 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයතුරුපැදි අනතුරකින් 17 හැවිරිදි සිසුවෙක් ජීවිතක්ෂයට

යතුරුපැදි අනතුරකින් 17 හැවිරිදි සිසුවෙක් ජීවිතක්ෂයට

කඳාන තුම්පෑලිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 17 හැවිරිදි පිරිමි ළමයෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ යතුරුපැදියක් පැදවූ පිරිමි ළමයා ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ මෝටර් රථයක ගැටීම වළක්වා ගැනීමට යාමේදී ලිස්සා වැටී ඇති බවයි.

ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථය දකුණු පසට බරව ගමන් කිරීම හේතුවෙන් යතුරුපැදිකරු තිරිංග තද කිරීමේදී ලිස්සා ගොස් මෝටර් රථයේ දකුණු පස ගැටී අනතුරට ලක්ව තිබෙනවා.

බරපතල තුවාල ලැබූ ඔහු ජා ඇල රෝහලට ඇතුලත් කිරීමේදීයි මියගොස් ඇත්තේ.

මියගොස් ඇත්තේ කපුවත්ත ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙක්.

අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.