31 C
Colombo
Monday, April 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeArtඉන්දීය සුපිරි විකට නළු මයිල්සාමි ජීවිතක්ෂයට

ඉන්දීය සුපිරි විකට නළු මයිල්සාමි ජීවිතක්ෂයට

දෙමළ චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ විකට නළුවෙකු වූ මයිල්සාමි ඊයේ අලුයම 3.30ට පමණ හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

57 හැවිරිදි මයිල්ස්වාමි චිත්‍රපට 200කට අධික ප්‍රමාණයක ප්‍රධාන හා සුළු චරිතවල රඟපා ඇත.

මයිල්සාමිගේ ප්‍රශංසනීය චරිත අතරට Dhool, Vaseegara, Ghilli, Giri, Uthamaputhiran, Veeram, Kanchana සහ Kangalal Kaidhu Sei ඇතුළත් වන අතර, ඒ සඳහා ඔහු හොඳම විකට නළුවා මෙන්ම තමිල්නාඩු ප්‍රාන්ත චිත්‍රපට සම්මානය ද දිනා ගත්තා.

චෙන්නායි හි සාලිග්‍රාමම් හි තැන්පත් කර තිබූ මයිල්ස්වාමිගේ දේහය නැරඹීමට සිනමා ක්ෂේත්‍රයේ, දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ පුද්ගලයන් සහ රසිකයින් පැමිණ සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

එහිදී මයිල්ස්වාමිගේ දේහයට ඉන්දීයාවේ අග්‍රග්ණ්‍ය නළු රජිනිකාන්ත්ද ගෞරව දැක්වීමට පැමිණ ඇති අතර ඉන් අනතුරුව ඔහු මයිල්ස්වාමිගේ පවුලේ ඥාතීන් සනසන්නට විය.