― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනෝටන්බ්‍රිජ් අනතුරෙන් මියගිය ගණන ඉහළට

නෝටන්බ්‍රිජ් අනතුරෙන් මියගිය ගණන ඉහළට

නෝටන්බ්‍රිජ් – දියගල මාර්ගයේ ඊයේ (19) සිදු වූ බස් රථ අනතුරෙන් පසු බස් රථයට යට වී සිටි තරුණයෙකුගේ සිරුරක් අද (20) උදෑසන සොයාගෙන තිබෙනවා.

ලක්ෂපාන යුද හමුදා කඳවුරේ භට පිරිස් සහ නෝටන්බ්‍රිජ් පොලීසියේ නිලධාරින් සිදුකළ මෙහෙයුමක දී මෙම මළ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ. මෙසේ සොයාගෙන ඇත්තේ හික්කඩුව, කලුපේ ප්‍රදේශයේ පදිංචිව සිටි ඩිලාන් කෞෂල්‍ය නැමති 33 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරයි.

ඊයේ (19) රාත්‍රියේ සිදු වූ මෙම බස්රථ අනතුරින් තවත් තරුණියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව 26 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.