28.4 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldභූ කම්පනයෙන් විපතට පත්වූවන්ට ඩොලර් මිලියන 100ක ආධාර

භූ කම්පනයෙන් විපතට පත්වූවන්ට ඩොලර් මිලියන 100ක ආධාර

තුර්කි – සිරියා භූ කම්පනයෙන් විපතට පත්වූවන්ට ඩොලර් මිලියන 100 ක නව මානුෂීය ආධාරයක් ලබාදෙන බව ඇමරිකාව පවසයි.

මෙම භූමිකම්පාව හේතුවෙන් දෙරටේ 46,000 කට ආසන්න පිරිසකට දිවි අහිමි විය.

මේ දිනවල තුර්කියේ සංචාරක නිරතවෙමින් සිටින ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සිරියාවේ කැරළිකරුවන්ගේ ග්‍රහණයේ පවතින ප්‍රදේශවල ක්‍රියාත්මක ගළවාගැනීමේ කණ්ඩායම් සාමාජිකයන්ද හමු වී ඇති අතර එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙම ආධාරය ලබාදීමට තීරණය කළ බවයි.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රාන්ත දෙකක හැර අනෙකුත් ප්‍රාන්තවල ගළවාගැනීමේ මෙහෙයුම් මේ වනවිට නවතා දමා ඇති බවයි.