27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසියලුම සිසුන් ඉවත් වනතුරු උගන්වන්නේ නැහැ - සබරගමුව සරසවිය

සියලුම සිසුන් ඉවත් වනතුරු උගන්වන්නේ නැහැ – සබරගමුව සරසවිය

සබගරමුව විශ්වවිද්‍යාලයේ රැඳී සිටින සියලුම සිසුන් ඉන් පිටව ගියහොත් පමණක් ඉගැන්වීම් කටයුතු යළි ආරම්භ කරන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක පැවසීය.

සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් හා තවත් සිසුන් පිරිසක් අතර ගැටුමක් හටගත්තා.

ඒ අනුව පසුගිය 16 වැනිදා විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කළේය. සිසුන් අතර තවදුරටත් ගැටුම් ඇතිවීම වැළැක්වීම සඳහා විශ්වවිද්‍යාලයෙන් පිටව යන ලෙසයි සිසුන්ගෙන් ඉල්ලා සිටියේ. කෙසේ වෙතත් ඇතැම් සිසුන් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ රැඳී සිටින අතර ඔවුන්ට පිටව යන ලෙස දැනුම් දී තිබේ.

විශ්වවිද්‍යාල පාලන අධිකාරියේ අණ නොපිළිපැදීම නිසා සිසුන්ගේ ඉගැන්වීම් කටයුතු කඩිනමින් ආරම්භ කළ නොහැකි බව විශ්වවිද්‍යාල උපකුලපති මහාචාර්ය උදය රත්නායක පැවසීය.