26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට ප්‍රථම තල් මිශ්‍ර මුහුදු පැළෑටි ජෑම්

මෙරට ප්‍රථම තල් මිශ්‍ර මුහුදු පැළෑටි ජෑම්

මුහුදු පැළෑටි සමඟ තල් ගෙඩි යොදා ගනිමින් සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසක් ලබාගත හැකි ජෑම් වර්ගයක් නිෂ්පාදනය කිරීමට නාරා ආයතනය සමත්ව තිබේ.

තල් ගෙඩියෙන් ලබා ගන්නා තල් පල්ප සහ ග්‍රසිලාරියා නමැති මුහුදු පැළෑටිය යොදා ගනිමිනුයි මෙම ජෑම් වර්ගය නිෂ්පාදනය කර ඇත්තේ.

වෙනත් රටවල් තුළ මුහුදු පැළෑටි ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන දක්නට ලැබුණද මෙය ලංකාවට ආවේණික වූ නිෂ්පාදනයක් බවයි නාරා ආයතනය පවසන්නේ. තල් පල්ප සහ මුහුදු පැළෑටිවල තන්තු ගතිය වැඩි මට්ටමක පවතින බැවින් වෛද්‍යවරුන් විසින් තන්තුමය ආහාර නිර්දේශ කර ඇති පුද්ගලයන් සඳහාද මෙය ඉතාමත් හිතකර වේ.

එමෙන්ම විටමින් E සහ විටමින් K වැනි විටමින් වර්ග සහ විවිධ ඛනිජ ලවණ මෙම ජෑම් තුළ අන්තර්ගත වේ. මෙම මුහුදු පැළෑටි මිශ්‍රිත ජෑම්වල අඩංගු සීනි ප්‍රමාණය අඩු අගයක් ගන්නා අතර මුහුදු පැළෑටි මගින් ශරීරයට අවශ්‍ය අයඩින් ප්‍රමාණයක්ද ලබාදෙයි.