32.2 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෛත්‍රීගේ පාස්කු පෙත්සමේ තීන්දුව කල් යයි

මෛත්‍රීගේ පාස්කු පෙත්සමේ තීන්දුව කල් යයි

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා තමාට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩු සියල්ල ප්‍රතික්ෂේප කර තමන්ව එම නඩුවලින් නිදහස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමේ තීන්දුව මාර්තු මස 01 වනදා ප්‍රකාශයට පත් කරන බව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද නියෝග කළා.

මෙම තීන්දුව අද දිනයේ යි ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණේ.