― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldකුරුළු උණ රෝගයෙන් දැරියක් ජීවිතක්ෂයට

කුරුළු උණ රෝගයෙන් දැරියක් ජීවිතක්ෂයට

කාම්බෝජයේ 11 හැවිරිදි දැරියක් කුරුළු උණ රෝගයෙන් මියගිය බව සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර තිබෙනවා. වසර නවයකට පසු කාම්බෝජයේ වාර්තා වූ පළමු කුරුළු උණ මරණය මෙය ලෙසටයි සැලකෙන්නේ.

ප්‍රේ වෙන්ග් පළාතේ දැරියක ට මෙලෙස H5N1 වෛරසය වැළඳී ඇති බව අනාවරණය වී තිබෙනවා. ඇය මීට සතියකට පමණ පෙර දැඩි උණ, කැස්ස සහ උගුරේ අමාරුවකින් පීඩා විඳි බව සඳහන්. කාම්බෝජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ඇගේ පියා ද කුරුළු උණ අසාදිත බව පරික්ෂා කෙරෙන පරීක්ෂණයකින් ධනාත්මක බව පෙන්වා ඇති බවයි.

එමෙන්ම දැරියගේ තවත් සමීපතමයින් 11 දෙනෙකු ද පරීක්‍ෂා කර තිබෙනවා. කාම්බෝජයේ සෞඛ්‍ය අමාත්‍ය Mam Bunheng කියා සිටියේ 2014 වසරෙන් පසු කාම්බෝජයෙන් වාර්තා වූ H5N1 පළමු මිනිස් ආසාදිතයා මෙම දැරිය බවයි. දැරිය ඇයගේ ගම් ප්‍රදේශයේ සිට නොම් පෙන් අගනුවර ළමා රෝහල වෙත ගෙන ගොස් තිබුණ ද නමුත් රෝග විනිශ්චය කිරීමෙන් කිහිප දිනකට පසු ඇය මිය ගොස් තිබෙනවා.

දැරියගේ ගම අසලින් මියගිය කුරුල්ලන් කිහිප දෙනෙකුගේ සාම්පල ද නිලධාරීන් විසින් ලබාගෙන ඇති අතර මියගිය හෝ අසනීප වූ පක්ෂීන් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසටයි සෞඛ්‍ය නිලධාරීන් ද අනතුරු අඟවා ඇත්තේ. කාම්බෝජය අවසන් වරට කුරුළු උණ අසදිතයෙක් වාර්තා වී ඇත්තේ 2014 වසරේදී වන අතර ඊට පෙර දශකය තුළ H5N1 ආසාදිතයන් 56ක් වාර්තා වූ අතර ඉන් 37 දෙනෙකු මරණයට පත් වුණා.

මිනිසුන්ට කුරුළු උණ ඇතිවීම දුර්ලභ වන අතර ආසාදිත කුකුළු මස් හෝ කුකුළන් සමඟ කටයුතු කරන පුද්ගලයින්ට ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති බවටයි වාර්තා වන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2021 වසරේ සිට චීනය, ඉන්දියාව, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඇතුළු රටවලින් කුරුළු උණ ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා කර තිබෙනවා.

සත්ව සෞඛ්‍යය සඳහා වූ ලෝක සංවිධානය මේ මස මුලදී විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ ගෘහස්ථ හා වනගත පක්ෂීන්ගෙන් මිලියන 42කට ආසන්න සංඛ්‍යාවකට කුරුළු උණ ඇති බවට වාර්තා වී ඇති බවයි. කුකුළන් ඇතුළු ගෘහස්ථ පක්ෂීන් මිලියන 15 කට ආසන්න ප්‍රමාණයක් මෙම රෝගයෙන් මිය ගොස් ඇති අතර තවත් මිලියන 193 කට වඩා වැඩි ප්‍රමාණයක් මරා දමා තිබෙනවා.

මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින කුරුළු උණ වෛරස් ප්‍රභේදය මින්ක්ස් සහ ඔටර් වැනි ක්ෂීරපායීන්ට ද ආසාදනය වී තිබෙන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය මිට සති කිහිපයකට පෙර සඳහන් කළේ වෛරසය සම්බන්ධයෙන් ඉතා අවදානයෙන් යුතුව නිරීක්ෂණය කළ යුතු බවයි.