26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඛනිජතෙල් සංස්ථා සේවකයන්ගේ අතිකාල දීමනාව අඩු කෙරේ?

ඛනිජතෙල් සංස්ථා සේවකයන්ගේ අතිකාල දීමනාව අඩු කෙරේ?

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින්ගේ අතිකාල දීමනාව අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේය. විදුලි බිල වැඩිකර ඇත්තේ විදුලි ඉංජිනේරුවන්ට හෝ වෙනත් නිලධාරීන්ට අතිකාල දීමනා ලබාදීමට නොවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පසු ණය මුදලක් ලබා ගැනීමට හැකි වූ බවත්, ඒ හරහා ප්‍රධාන බැංකු දෙකකින් ඉන්ධන මිලදී ගැනීම සඳහා මුදල් ලබා ගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.