26.7 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලීසියේ තිදෙනෙක්ට වහාම ස්ථාන මාරුවීම්

පොලීසියේ තිදෙනෙක්ට වහාම ස්ථාන මාරුවීම්

හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ නිලධාරීන් තුන් දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

මැතිවරණ කොමිසමේ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි අද (23) සිට මෙම නිලධාරීන් මහනුවර පොලිස් කොට්ඨාශයට මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇත්තේ හැටන් පොලිස් කොට්ඨාශයේ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට, එම විමර්ශන ඒකකයේ රාජකාරී කළ උප පොලිස් පරික්ෂකවරයෙකුට සහ හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ පුද්ගලික සහකාරවරයෙකු වශයෙන් රාජකාරී කළ පොලිස් පරික්ෂකවරයෙකුටයි.

මෙම නිලධාරීන් තුන් දෙනා හැටන් පොලිස් කොට්ඨාශයේ මැණික් ජාවාරම්කරුවන් සමග සම්බන්ධකම් පවත්වමින් අනවසර මැණික් ගැරීමක් සිදු කරගෙන යාමට සහයෝගය ලබාදුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් කළ හෙළිදරව්වක් සහ මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත එම නිලධාරීන් සම්බන්ධයෙන් ලද පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන කිහිපයකින් අනතුරුවයි ස්ථාන මාරුවිවීම් ලබා දී ඇත්තේ.

මීට අමතරව නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.යු.ජි.ජයසිංහ මහතාගේ නියෝගයක් මත හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු හැටන් පොලිස් කොට්ඨාශයේම වෙනත් පොලිස් ස්ථානවලට ද ස්ථාන මරුවිම් ලබා දී තිබෙනවා.