Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවෙනවා

ආදායම සාධාරණ ලෙස බෙදීයන, දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ආසියානු රටවලින් ඉල්ලා සිටිනවා. ආසියාව සඳහා වූ බොආඕ (BOAO) සංසදයේ, 2024 වාර්ෂික...
HomeNewsඔනේෂ්ගේ මරණය: CIDය බ්‍රසීල පොලිසියේ සහය පතයි

ඔනේෂ්ගේ මරණය: CIDය බ්‍රසීල පොලිසියේ සහය පතයි

ඔපෙක්ස් හෝලිඩින්ග්ස් අධිපති ඔනේෂ් සුබසිංහගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ බිරිය සහ සහායිකාව කොටු කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසිය හරහා බ්‍රසීල පොලිසියේ සහය ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

ඉන්දුනීසියාවේ ජකර්තා පොලිසියද බ්‍රසීල පොලිසියෙන් එවන් ඉල්ලීමක් කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසුවේ.

ඔනේෂ් සුබසිංහගේ බ්‍රසීල ජාතික බිරිය සහ ඇගේ සහයිකාව මේ වන විට බ්‍රසීලයේ සිටින බවට තහවුරු කළ හැකි තොරතුරු ලැබී ඇති අතර ඒ අනුවයි රහස් පොලිසිය විසින් බ්‍රසීල පොලිසියෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ.