28 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිරු එළියෙන් දුවන බස් ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය

හිරු එළියෙන් දුවන බස් ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය

සූර්ය බලශක්තිය උපයෝගි කර ගෙන ධාවනය කළ හැකි බස්රථ ධාවනයට යෙදවීමට නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව කොළඹ වාණිජ නගරය සහ ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් බස්නාහිර පළාත ආවරණය වන පරිදි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය‍ සඳහා පළමුවෙන් ශක්‍යතා අධ්‍යයනයක් මත පදනම්ව මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ජාත්‍යන්තර බලශක්ති අර්බුදය හමුවේ පොසිල ඉන්ධන ආනයනය සඳහා වැය වන පිරිවැය අවම කර ගැනීමේ පියවරක් වශයෙන් සූර්ය බලශක්තිය උපයෝගි කර ගෙන ධාවනය කළ හැකි බස් රථ හඳුන්වා දීමට තීරණය කර තිබේ.

#aruna