9.2 C
London
Thursday, March 23, 2023

ගොවීන්ට නොමිලයේ ඉන්ධන බෙදා හැරීම ලබන සතියේ සිට

චීන රජය විසින් මෙරට වී වගා කරන ගොවි ජනතාව  සඳහා නොමිලයේ ලබා දීමට පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 6.98ක ප්‍රමාණය වහාම ගොවි ජනතාව වෙත බෙදාහරින්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(01) ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

ඒ අනුව මෙම ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කිරීමට නියමිතය.

මෙම  වැඩපිළිවෙළ යටතේ මෙවර මාස් කන්නයේ අක්කර භාගයේ සිට අක්කර දෙකහමාර දක්වා වී වගා කළ ගොවීන්ට නොමිලයේ ඉන්ධන ලබා දීමට කටයුතු කර ඇත.

ඒ අනුව හෙක්ටෙයාර් 01ක් සඳහා ඩීසල් ලීටර් 15ක් බැගින් ලබා දීමට නියමිතය.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීමේ දී සිදුව ඇති ප්‍රමාදය සම්බන්ධව අද දින කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සාකච්ඡාවක් කැඳවා තිබිනි. එම සාකච්ඡාවට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරින් මෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය, හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරිහු ද සහභාගි වූහ.

මෙම සාකච්ඡාවේ දී ගන්නා ලද තීරණ අනුව අදාල ඉන්ධන තොගය බෙදාහැරීමේ කටයුතු ලබන සතියේ සිට ඇරඹීමටත්, ඊට අදාල ටෝකන් පත් සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවි ජනතාවට නිකුත් කිරීම කඩිනම් කිරීමටත් තීරණය විය.

එම ටෝකන්පත්වලට  අදාල ඉන්ධන ප්‍රමාණයන් නම් කර ඇති ඉන්ධනහල් වෙතින් ගොවීන්ට ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් සපයනු ලබයි.

ගොවි ජනතාව වෙත නොමිලයේ නිකුත් කරන ඉන්ධන ලබා ගැනීමේ දී යම් ගැටලුවක් මතුවුවහොත් වහාම  දිස්ත්‍රික් ලේකම්වරයා වෙත හෝ  සහකාර ගොවිජන සංවර්ධන කොමසාරිස්වරුන්ට දැනුම් දෙන ලෙස  ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම ඉන්ධන තොග බෙදාහැරීමේ කටයුතු සඳහා රුපියල් මිලියන 99ක මුදලක් වැය වන අතර එම මුදල් ප්‍රමාණය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ලබා දීමට පියවර ගන්නා බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

 මෙම ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ලබන සතියේ  සිට ආරම්භ කිරීමට නියමිතය.

එතෙක් ගොවීන් වෙත ඉන්ධන ටෝකන්පත් බෙදාහැරීම ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන මගින් සිදු කෙරේ.

Latest

බන්දුලට ඉල්ලා අස් වෙන්නැයි රතු එළියක්

බස්‍ රථ අමතර කොටස් සහ ඒවායේ සේවා ගාස්තු අඩු...

ඩයනා ගමගේ සම්බන්ධයෙන් CIDයට නියෝගයක්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පුරවැසිභාවයට අදාළ කාරණා කිහිපයක් සම්බන්ධයෙන්...

එළවළු මිල පහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීඝ්‍රයෙන් පහළ ගොස්...

ලෝක පානීය ජල හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්

2050 වසර වනවිට ගෝලීය නාගරික ජනගහනයෙන් අඩකට පානීය ජල...

Don't miss

රනිල්ව ජනපති කළේ බැසිල් – ඉන්දික අනුරුද්ධ

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කිරීමට යෝජනා කළේ පොදුජන පෙරමුණු...

රනිල්ව විශ්වාස කරලා තමයි IMF එකෙන් ණය ලබාදුන්නේ – හිරුණිකා

රනිල් වික්‍රමසිංහ තනි පුද්ගලයකු ලෙස විශ්වාස කර ජාත්‍යන්තර මුල්‍ය...

ඩී.එස්. සේනානායක දර්ශනය ක්‍රියාත්මක කළ සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් වුණා – ජනපති

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ දර්ශනය අපි...

IMF කොන්දේසිවල විරුද්ධ විය යුතු කොන්දේසි තියෙනවා කියලා මම හිතන්නෑ – සිරිසේන

මුල්‍ය අරමුදලේ මූලික කොන්දේසි දහයේ විරුද්ධ විය යුතු කොන්දේසියක්...

මහින්දානන්ද අලුත්ගමගේට සභාපති ධුරයක්

ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක...

2023 ක්‍රිකට් ලෝක කුසලානය ගැන ඇසෙන අලුත්ම ආරංචිය

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මාසයේ 05 වනදා ආරම්භවීමට වැඩි ඉඩකඩක් පවතින බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබේ. එම තරගාවලිය නොවැම්බර් මස 19...

අරලියගහ මන්දිරයේ තිබූ ලේ පැල්ලම් ගැන වාර්තාවක් ඉල්ලයි

අරගලය පැවති සමයේ අරලියගහ මන්දිරයට ඇතුළු වී එහි දේපල විනාශ කිරීමේ සිද්ධියට අදාළව මන්දිරයේ තිබූ ලේ සාම්පල් පහක් සම්බන්ධයෙන් වන වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන...

රාමසාන් උපවාසය 24 වැනිදා ඇරඹෙයි

ලබන 24 වැනිදා සිට රාමසාන් උපවාසය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. අද දිනයේ නව සඳ දර්ශනය නොවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here