29.8 C
Colombo
Tuesday, May 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබස් රිය ට්‍රැක්ටරයේ ගැටී 05කට තුවාල

බස් රිය ට්‍රැක්ටරයේ ගැටී 05කට තුවාල

මොණරාගල සියඹලාණ්ඩුව මාර්ගයේ දොඹගහවෙල කොඩයාන ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් උක්දඬු ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක ගැටී පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ඊයේ (28) සිදුවූ මෙම අනතුරෙන් සියඹලාණ්ඩුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන්නේ බස් රථයේ ගිය සිව් දෙනෙකු සහ ට්‍රැක්ටර් රථයේ රියදුරායි. වංගු සහිත ස්ථානයක ධාවනය වෙමින් තිබූ ට්‍රැක්ටර් රථයේ තිරිංග ක්‍රියාත්මක නොවීම අනතුරට මුල් වී ඇති බව පොලිසිය කල විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

අනතුරින් පසුව බස් රථය මාර්ගයෙන් ඉවතට පෙරළී ගොස් තිබුණා.