10.6 C
London
Wednesday, March 22, 2023

මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් හෙළිකිරීම අනිවාර්යයි – අභියාචනාධිකරණය

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ ප්‍රතිපාදන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද අදාළ වන බවත් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ඔවුන් නීතියෙන් බැඳී සිටින බවත් අභියාචනාධිකරණය තීන්දු කළා.

වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් මුදාහරින ලෙස තොරතුරු කොමිසම විසින් දුන් තීරණයක් තහවුරු කරමින් සම්පත් අබේකෝන් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ඊයේ (18) නිකුත් කරනු ලැබුවා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මහජනතාව විසින් නඩත්තු කරන අතර ඔවුන් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත් කිරීමට නීතියෙන් බැඳී සිටින බවයි.

එසේ වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත් නොකිරීම නීතියෙන් වරදක් යැයි පෙන්වා දෙන විනිසුරුවරයා මෙම චෝදනාවට වරදකරු වන පුද්ගලයෙකුට අවුරුද්දක් නොඉක්මන සිර දඬුවමක් හෝ රුපියල් දහසක් නොඉක්මවන දඩයක් හෝ එම දඬුවම් දෙකම වුවද නියම කිරීමට මහේස්ත්‍රාත්වරයෙකුට හැකියාව තිබෙන බවත් පෙන්වා දුන්නා.

2018 වසරේ ජුනි මස 21 වනදා මාධ්‍යවේදී චාමර සම්පත් විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත්කොට තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් තමන් වෙත නිකුත් කරන ලෙස ඉල්ලීමක් කර තිබුණා.

එහෙත් එම ඉල්ලීම පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කළ අතර ඊට එරෙහිව මාධ්‍යවේදී චාමර සම්පත් විසින් තොරතුරු කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එම පැමිණිල්ල විභාග කළ තොරතුරු කොමිසම පැමිණිලිකරු ඉල්ලා සිටින තොරතුරු මුදාහරින ලෙස පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියාට නියෝග කර තිබුණා.

එම තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කළා. දීර්ඝ කරුණු විභාගයකින් අනුව තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම පෙත්සම තුළ අන්තර්ගත කරුණු පදනම් විරහිත බවයි.

ඒ අනුව වත්කම් හා බැරකම් ප්‍රකාශ මුදාහරින ලෙස තොරතුරු කොමිසම විසින් 2021 වසරේ පෙබරවාරි මස 02 වනදා දුන් නියෝගය තහවුරු කරමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ අභියාචනය ප්‍රතික්ෂේප කරන බවත් තීන්දුවේ සඳහන් කොට ඇත.

Latest

ඉක්වදෝරයේ මාධ්‍යවේදීන්ට තැපෑලෙන් පුපුරණ පෙන් ඩ්‍රයිව්

ඉක්වදෝරයේ මාධ්‍යවේදින් ඉලක්ක කර තැපෑල හරහා පුපුරණ ද්‍රව්‍ය යැවීමේ...

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි...

පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරෙන් සිරකරුවෙක් පැනගිහින්

හෙරොයින් මත් කුඩු සන්තකයේ තබා ගැනීමේ වරදට පසුව මාස...

විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් තීරණයක්

වෘත්තිය ක්‍රියාමාර්ග පැවතුණද සියලුම විශ්විද්‍යාලවල විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල...

Don't miss

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි...

ණය ගැනීම ගැන ලැජ්ජා වෙන්න ඕන – විජිත හේරත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ණයක් ඉල්ලා යාමට සිදුවීම ගැන...

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ඩිලාන්ට

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ...

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ගාමිණී ලොකුගේට

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කරුණු වසන් කරන්නේ නැහැ – බන්දුල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකම...

මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීමට අදාළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම හා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ නීතිපතිවරයා වෙත යොමු කිරීම...

අග්‍රාමාත්‍යවරයා උමාඔය ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණය කරයි

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් එක් කරමින් දිස්ත්‍රික්ක කිහිපයක පුරන් ඉඩම්වලට ජලය සපයන උමාඔය ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රගතිය 2023.03.18 දින අග්‍රාමාත්‍ය දිනේෂ්...

ඇල්ලවල ඇල්ලේ අතුරුදන් වූ එක් තරුණයකුගේ සිරුර හමුවෙයි

වැල්ලවාය – ඇල්ලවල ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන් වූ තරුණයින් හතරදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර හමුවී තිබනෙවා. අද (21) උදෑසන මෙම අල්ලේ දියනෑමට ගිය තරුණයින් 10...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here