27.2 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගාලු මුවදොර වෙරළ තීරයේ කැස්බෑ බිත්තර රැසක්

ගාලු මුවදොර වෙරළ තීරයේ කැස්බෑ බිත්තර රැසක්

පළමුවරට ගාලු මුවදොර වෙරළ තීරයෙන් කැස්බෑ බිත්තර 2,000ක් සොයා ගෙන තිබෙන බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

වනජීවී දෙපාර්තමේන්තුව සහ පරිසර පොලිසිය එක්ව මෙම කැස්බෑ බිත්තර ආරක්ෂා කිරීමට වැඩපිළිවෙලක් යොදා තිබූ අතර අද වන විට කැස්බෑවුන් පැටව්න් රැසක්ම එම ස්ථානයේ ආරක්ෂාකාරීව සිටිනවා.

ඒ අනුව රාත්‍රී කාලයේ දී මෙම වෙරළ තීරයට ජනතාවට ඇතුළුවීම පරිසර පොලීසිය සහ වනජීවී දෙපාර්තමේන්තුවෙන් වළක්වා ඇති බවයි වාර්තා වුණේ.

එම ප්‍රදේශය රාත්‍රී කාලයේ කැස්බෑවුන් පැමිණෙන ප්‍රදේශයක් ලෙස නම් කරමින්, නාවික හමුදාව ද ඒකාබද්ධව විශේෂ වැඩපිළිවෙළක් සකසා තිබෙනවා.