ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති ණය පහසුකම සඳහා චීනයේ අපනයන හා ආනයන බැංකුව සහාය ලබාදෙන බව චීනය යළිත් අවධාරණය කර තිබේ.
චීන විදේශ අමාත්‍යාංශයේ දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නින්ග් මේ බව පවසා ඇත.
චීනයේ අපනයන හා ආනයන බැංකුව මෙම සහයට අදාළ ලේඛන මේ වන විටත් ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය වෙත ලබා දී ඇති බවයි ඇය පෙන්වා දී ඇත්තේ.
මාඕ නින්ග් පවසා ඇත්තේ 2022 ට සහ 2023 අදාළව ශ්‍රී ලංකාව ගෙවීමට නියමිතව තිබූ ණය ගෙවීම සඳහා වසර දෙකක සහන කාලයක් ලබා දීමට මෙම එකඟතාවය මගින් ප්‍රකාශ කර ඇති බවයි.
මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට චීනය අඛණ්ඩව සහය දෙන බව මෙහිදී ඇය පවසා තිබේ.


