28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාදම්පේ කොහු කර්මාන්තශාලාවක ගින්නක්

මාදම්පේ කොහු කර්මාන්තශාලාවක ගින්නක්

මාදම්පේ, සෙම්බුකට්ටිය ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා.

ඊයේ (02) රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති අතර, එය පාලනය කිරීම සදහා ප්‍රදේශවාසීන්, පොලීසිය සහ හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව ද 9030 අලුයම වනතෙන් උත්සාහ දරා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගින්න හේතුවෙන් කර්මාන්තශාලාවේ තිබූ යන්ත්‍ර සූත්‍ර සහ අපනයනය සදහා අසුරා තිබූ කොහු විශාල ප්‍රමාණයක් විනාශයට පත්ව තිබෙනවා. ගින්න හට ගත් ආකාරය පිළිබඳව තවමත් අනාවරණය වී න නොමැති අතර සිදුව ඇති අලාභ හානිය මෙතෙක් තක්සේරු කර නැහැ.

මාදම්පේ ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය තවත් කොහු කර්මාන්තශාලාවක් පසුගිය සතියේදී ගින්නට හසු වී විනාශයට පත් වුණා.