23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැඩි මිලට විකිණීම සඳහා සඟවා තිබූ බිත්තර 60,000 සොයා ගැනේ

වැඩි මිලට විකිණීම සඳහා සඟවා තිබූ බිත්තර 60,000 සොයා ගැනේ

වැඩි මිලට විකිණීම සඳහා 60,000කට ආසන්න බිත්තර තොගයක් සඟවා ගෙන සිටි ජාඇල, දඬුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ ගබඩාවකට මුද්‍රා තබා තිබේ.

ඊයේ (02) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් මෙම පියවර ගෙන ඇති අතර අදාළ බිත්තර තොගය සම්බන්ධයෙන් අද (03) තීන්දුවක් ගැනීමට නියමිතය.

සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමිට අයත් ජාඇල, දඬුගම ප්‍රදේශයේ බිත්තර ගබඩාවෙන් බිත්තර මිලදීගැනීම සඳහා බවට අඟවමින් පාරිභෝගික සේවා අධිකාරියේ කොළඹ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරියෙකු ඊයේ දහවල් එහි ගොස් ඇති අතර එම නිලධාරියා ගබඩාවේ හිමිකරු වන ඇන්ටන් නිශාන්ත අප්පුහාමිගෙන් බිත්තර 260ක් ප්‍රමාණයක් ඉල්ලා තිබුණද ඔහු පවසා ඇත්තේ සිල්ලර මිලට බිත්තර අලෙවි නොකරන බවත් අවශ්‍ය නම් බිත්තර 10,000ක් ලබාදිය හැකි බවත්ය.

මෙවන් වාතාවරණයක් තුළ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ගේ කණ්ඩායමක ඊයේ එම ගබඩාව පරීක්ෂා කිරීමට එහි ගොස් තිබේ. ගබඩාව පරීක්ෂා කිරීමට ඇන්ටන් නිශාන්ත අප්පුහාමි දැඩි සේ විරුද්ධවීමත් සමග ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් ජාඇල පොලිසියට ගොස් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

වැලිසර මහෙස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ගබඩාව පරීක්ෂා කිරීමට අවසර හිමි ලැබී ඇති අතර එහි තිබී සුදු හා රතු බිත්තර 60,000කට ආසන්න තොගයක් සොයාගෙන ඇත.

ඒ අනුව වැඩි මිලට බිත්තර විකිණීම, සඟවා තබාගැනීම සහ කොන්දේසි සහිතව විකිණීම යනාදී කරුණු මත ගබඩාවට මුද්‍රා තැබීමට ඊයේ රාත්‍රියේ පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ.