― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදින දෙකකට පෙර අතුරුදන් වූ තරුණියකගේ සිරුර මුහුදේ පාවෙමින් තිබිය දී සොයාගැනේ

දින දෙකකට පෙර අතුරුදන් වූ තරුණියකගේ සිරුර මුහුදේ පාවෙමින් තිබිය දී සොයාගැනේ

ට දින දින දෙකකට පෙර අතුරුදන් වූ බේරුවල, මොල්ලිමලේ, පන්සල පාර ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකගේ සිරුර මුහුදේ පාවෙමින් තිබිය දී සොයාගෙන තිබෙනවා.

බේරුවල ධීවර වරායට කිලෝ මීටර් දෙකක් පමණ ඈතින් වූ මුහුදේ පාවෙමින් තිබිය දී ධීවරයින් පිරිසකට අද (03) උදෑසන මෙම මළ සිරුර හමුව ඇති බව සඳහන්.

මළ සිරුර ගොඩට රැගෙන ඒමෙන් අනතුරුව බේරුවල හදිසි මරණ පරීක්ෂකවරයා සහ පොලිසිය මූලික පරීක්ෂණ සිදුකිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කළුතර නාගොඩ රෝහලට යොමුකර තිබෙනවා.

බේරුවල, මොල්ලිමලේ, පන්සල පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි මෙම තරුණිය නිවසින් අතුරුදන්ව ඇති බවට පසුගිය දෙවන දින පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.