29.5 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldකබලෙන් ලිපට වැටුණු රෝහින්ග්‍යා සරණාගතයින්

කබලෙන් ලිපට වැටුණු රෝහින්ග්‍යා සරණාගතයින්

බංගලාදේශයේ ගිනිකොණදිග ප්‍රදේශයේ රොහින්ග්‍යා සරණාගත කඳවුරක හටගත් ගින්නකින් දහස් ගණනකට නිවාස අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගින්නෙන් මේ වන විට නිවාස 2,000ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර රොහින්ග්‍යා සරණාගතයින් 12,000කට පමණ වාසස්ථාන අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නෙන් මියගිය හෝ තුවාල ලැබු පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති අතර පවුල් 100ක් පමණ අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දක්වා ඇත්තේ.

පැය තුනක පමණ කාලයකට පසුව ඒකාබද්ධ මෙහෙයුමක් මඟින් ගින්න මැඩපවත්වා තිබේ. මෙම ගින්නෙන් නිවාසවලට අමතරව මුස්ලිම් දේවස්ථාන 35ක් සහ සරණාගතයින් සඳහා වු ඉගෙනුම් මධ්‍යස්ථාන 21ක් ද විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.