26.7 C
Colombo
Saturday, April 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

මෙම සතියේ පළමු පාර්ලිමේන්තු සභාවාරය හෙට (07) පෙරවරු 9.30ට රැස්වීමට වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට (07) දිනයේ දී මෝටර් වාහන පනත යටතේ නිකුත් කර ඇති ගැසට් පත්‍ර කිහිපයක ඇති නියෝග විවාදයට ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අනිද්දා (09) දිනයේ දී අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් පනවන ලද ගැසට් පත්‍රයේ සඳහන් නීතීන් විවාදයකින් තොරව සම්මත කර ගැනීමට නියමිතව තිබෙනවා.

සර්ව ජන ඡන්ද බලය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය මාර්තු මස 09 සහ 10 යන දෙදින විවාදයට ගැනීමට නියමිත ඇති බවයි වාර්තා වන්නේ.

විපක්ෂය විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබුවා.