27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්තර ආනයනයෙන් මෙරටට කුරුළු උණ අවදානමක් නැහැ

බිත්තර ආනයනයෙන් මෙරටට කුරුළු උණ අවදානමක් නැහැ

ඉන්දියාවේ සිට මෙරටට බිත්තර ආනයනය කිරීම තුළින් කුරුළු උණ වැනි රෝග තත්ත්වයන් රට තුළට ඇතුළු වීමේ අවදානමක් නොමැති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

ඉන්දියාවේ සිට ආනයනය කරනු ලබන බිත්තර අවස්ථා කිහිපයක දී පරීක්ෂණ සිදුකිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවත් එම පරීක්ෂණ සිදුකරන ක්‍රමවේදය හේතුවෙන් බිත්තර ආනයනය කිරීමට ද යම් ප්‍රමාදයක් සිදුවු බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

පශු සම්පත් දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති නිර්දේශවලට අනුව ආනයනය කරනු ලබන බිත්තර රාසායනාගාර පරීක්ෂාවකට ලක් කරන අතර එම පරීක්ෂණ වාර්තාව ඉදිරිදින කිහිපය තුළ ලැබීමට නියමිතව තිබේ.

එම වාර්තාව ලැබුණු විගස බිත්තර ආනයනය කිරිම සිදුකරන අතර අදාළ බිත්තර තොගය ගොඩබැමට පෙර සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ද විශේෂ පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතය.

බිත්තර මිලියන 2ක් මෙලෙස ඉන්දියාවේ සිට ආනයනය කිරීමට සැලසුම් කර තිබේ.