30 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldමියගියා යැයි සිතු කාන්තාව වසර 30කට පසු හමුවෙයි

මියගියා යැයි සිතු කාන්තාව වසර 30කට පසු හමුවෙයි

Puerto Rico හිදී වසර 30 කට වැඩි කාලයක් අතුරුදන්ව සිටි අමෙරිකානු ජාතික කාන්තාවක් සොයාගෙන තිබෙනවා.

82 හැවිරිදි වියේ පසුවන Patricia Kopta නැමති එම කාන්තාව 1992 වසරේ දී Pennsylvania, Pittsburgh හිදී අතුරුදන් වී තිබුණා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇය මියගිය බවට විශ්වාසය පළ කර තිබු නමුත් වසර 30 කට පසු Puerto Rico හි වැඩිහිටි නිවාසයක දී සොයාගෙන ඇති බවයි

Dementia රෝගයෙන් පෙළෙන ඇය තම ජීවිතය පිළිබඳව තොරතුරු හෙළි කිරීමත් සමඟ Pennsylvania හි බලධාරීන් වෙත ඒ සම්බන්ධයෙන් දැනුම්දීමට Puerto Rico හි බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

අනතුරුව ඇයගේ අනන්‍යතාවය හෙළි කර ගැනීමට Pennsylvania බලධාරීන් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.