10.6 C
London
Wednesday, March 22, 2023

කථනාබාධිත දැරියගේ මවත් පොලිස් අත්අඩංගුවට

කථනාබාධිත දැරියකට පහර දී ඇයව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම දැරියගේ මව ද අත්අඩංගුවට ගත බව පොලිසිය පවසනවා. සැකකාර මවත් දැරියට පහර දී ඇති බවට අනාවරණය වීමත් සමඟ හොරණ පොලිසිය විසින් ඇය ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව තිබුනේ බණ්ඩාරගම, ගල්තුඩේ ධම්මකිත්ති ප්‍රාථමික විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකයේ අධ්‍යාපනය හැදෑරූ රෝෂිණී කවිෂ්කාපෙරේරා නමැති දැරියයි. අත්අඩංගුවට ගත් සැකකාර මවගේ අනියම් සැමියා විසින් දීර්ඝ කාලයක සිට ආබාධිත දැරියට පහර දී ඇති අතර ඒ පිළිබඳව මව කිසිඳු පියවරක් හෙන නොමැති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව විටින් විට සිදුකළ පහරදීම් හේතුවෙන් දැරිය මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ. දැරියගේ පියා යුද හමුදා විශේෂ බලකායෙ සෙබලෙකු වන අතර ඔහු මීට වසර කිහිපයක පෙර දැරිය සහ දැරියගේ මව හැරගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එලෙස සැමියා අත්හැර දමාගිය පසු දැරිය ජීවත් කරවීම සදහා සැකකාර කාන්තාව යාචක වෘත්තියේ යෙදී ඇති බවයි වාර්තා වුණේ. ඒ අතරතුර රඹුක්කන ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කරමින් සිටි සැකකරු සමඟ ඇය අනියම් සම්බන්ධතාවක් ඇතිකරගෙන තිබෙනවා. එම සම්බන්ධතාව මත මීට සති තුනකට පමණ ඉහතදී සැකකරු විසින් ඔහුගේ මවගේ ගෙදරට දැරිය සහ ඇයගේ මව කැඳවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම කාලය තුල අනියම් සැමියා විසින් දැරියට අමානුෂික ලෙස පහර දී ඇති අතර පහර කෑමෙන් රෝගී තත්ත්වයට පත්ව වූ දැරිය රෝහල්ගත කිරීමට පවා සැකකරු හා සැකකාරිය කිසිඳු පියවරක් ගෙන නොමැති බව සඳහන්.

පහරදීම සිදුකළ සැකකාර අනියම් සැමියා අත්අඩංගුවට ගැනුණු අතර සිද්ධිය වූ නිවස වෙත පැමිණි පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක දැරියගේ මළ සිරුර පරීක්ෂා කිරීමෙන් පසු එය කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට උපදෙස් දී තිබුණා.

එහිදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මරණයට හේතුව සඳහන් වාර්තාව සහ සැකකරු සහ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සැකකාර මව සහ ඇයගේ අනියම් ස්වාමි පුරුෂයා පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

Latest

ඉක්වදෝරයේ මාධ්‍යවේදීන්ට තැපෑලෙන් පුපුරණ පෙන් ඩ්‍රයිව්

ඉක්වදෝරයේ මාධ්‍යවේදින් ඉලක්ක කර තැපෑල හරහා පුපුරණ ද්‍රව්‍ය යැවීමේ...

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි...

පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරෙන් සිරකරුවෙක් පැනගිහින්

හෙරොයින් මත් කුඩු සන්තකයේ තබා ගැනීමේ වරදට පසුව මාස...

විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් තීරණයක්

වෘත්තිය ක්‍රියාමාර්ග පැවතුණද සියලුම විශ්විද්‍යාලවල විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල...

Don't miss

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි...

ණය ගැනීම ගැන ලැජ්ජා වෙන්න ඕන – විජිත හේරත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ණයක් ඉල්ලා යාමට සිදුවීම ගැන...

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ඩිලාන්ට

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ...

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ගාමිණී ලොකුගේට

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කරුණු වසන් කරන්නේ නැහැ – බන්දුල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකම...

මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීමට අදාළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම හා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ නීතිපතිවරයා වෙත යොමු කිරීම...

අග්‍රාමාත්‍යවරයා උමාඔය ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණය කරයි

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් එක් කරමින් දිස්ත්‍රික්ක කිහිපයක පුරන් ඉඩම්වලට ජලය සපයන උමාඔය ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රගතිය 2023.03.18 දින අග්‍රාමාත්‍ය දිනේෂ්...

ඇල්ලවල ඇල්ලේ අතුරුදන් වූ එක් තරුණයකුගේ සිරුර හමුවෙයි

වැල්ලවාය – ඇල්ලවල ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන් වූ තරුණයින් හතරදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර හමුවී තිබනෙවා. අද (21) උදෑසන මෙම අල්ලේ දියනෑමට ගිය තරුණයින් 10...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here