25.6 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් - වාසුදේව

ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් – වාසුදේව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටේ ජනතාවගේ හතුරෙක් ලෙස ක්‍රියාත්මක වන බවත් එම කොන්දේසි හොඳයි කියන ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ඉඩක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

මේ කාරණයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ රටේ ජනතාවගේ හතුරෙක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමයි මේ රටේ පවුල් ලක්ෂ 52කින් පවුල් ලක්ෂ 35කගේ පමණ ජීවිත විනාශ කර තිබෙන්නේ. ඒ කොන්දේසි ක්‍රියාත්මක කරමින් අපිට ඇවිල්ලා කියන කොට දැන් රටේ තත්ත්වය හොඳයි උද්ධමනය බැහැලයි කියලා ජනපතිට ඔලුවේ අමාරුවක් හැදිලා තියෙනවා කියලා එතුමාට එරෙහිව අපිට දෝෂාභියෝගයක් ගෙන්නත් අපිට ඉඩ තිබෙනවා.