― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅ.පො.ස සා.පෙළ නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවීම අදින් අවසන්

අ.පො.ස සා.පෙළ නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවීම අදින් අවසන්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

2025(2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අද (08) වේ.

මේ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව පසුගිය ජූනි 25 වනදා සිට ලබාදී තිබූ අතර, පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් සියලු දෙනා තමන් විසින්ම අයදුම්පත් යොමු කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

වෙනත් පුද්ගලයින් හෝ ක්‍රමවේදයන් හරහා ඉදිරිපත් කරන අයදුම්පත් භාර නොගන්නා බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස, “අපගේ සේවා” යටතේ ඇති “Exam Information Centre” වෙත පිවිසීමෙන් අදාළ අයදුම්පත ඉදිරිපත් කළ යුතුය.

පෙර පරිශීලක ගිණුමක් ඇති අයදුම්කරුවන් විභාග අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතයෙන් පද්ධතියට ඇතුළත් විය යුතු අතර, නව පරිශීලකයින් ජාතික හැඳුනුම්පත් අංකය සහ ජංගම දුරකථන අංකය යොදාගෙන ලියාපදිංචි විය යුතුය.

අයදුම්පත සම්පූර්ණ කිරීමට පෙර තාක්ෂණික උපදෙස් සහ සාමාන්‍ය උපදෙස් හොඳින් කියවා, ලබාදී ඇති උපදෙස් වීඩියෝව නැරඹීමෙන් පසුව නිවැරදිව අයදුම් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

නැවත සමීක්ෂණය සඳහා එක් විෂයක් වෙනුවෙන් අය කෙරෙන ගාස්තුව රුපියල් 200ක් වන අතර, එම මුදල ණය පත්, හර පත් හෝ තැපැල් කාර්යාල මඟින් ගෙවිය හැකිය.

ගාස්තු ගෙවීමෙන් පසු අයදුම්පත PDF ආකාරයෙන් බාගත කර සුරක්ෂිතව තබාගත යුතු අතර, ඒ සම්බන්ධයෙන් SMS දැනුම්දීමක්ද ලැබෙන බව සඳහන් වේ.

එක් අයදුම්කරුවෙකුට එක් වරක් පමණක් මාර්ගගතව අයදුම් කළ හැකි අතර, ගාස්තු ගෙවීමෙන් පසු එම මුදල් ආපසු ලබා නොදෙන බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ 0112 785 231 ඇතුළු නිල දුරකථන අංක ඔස්සේ විමසීම් කළ හැකිය.