31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදෙස් රැකියා දෙනවැයි මුදල් ගැරූ කතක් අත්අඩංගුවට

විදෙස් රැකියා දෙනවැයි මුදල් ගැරූ කතක් අත්අඩංගුවට

විදේශ රැකියා දෙන බව පවසමින් විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ කාන්තාවක් බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ දැනට පුද්ගලයින් 07 දෙනෙකුගෙන් මේ කාන්තාවට එරෙහිව පැමිණිලි ලැබී ඇති බවයි.

රුපියල් ලක්ෂ 12 කට ආසන්න මුදලක් එම පුද්ගලයින්ගෙන් පමණක් සැකකාර කාන්තාව ලෙස ලබාගෙන ඇති බව දැනට කර ඇති විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

බණ්ඩාරගම පදිංචිකාරිනියක වන ඇය අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.